Science Fiction Sinhala
ගුප්ත පරීක්ෂණ 2 - 20
ISBN 978-955-44323-2-1
සිතෙහි ඇති වූ කම්පනය හේතුවෙන් සුළු මොහොතක් යන තුරු ආකාශ්ගේ මුවට වචන නොපැමිණියේය. එම නිසා තත්පර කිහිපයක නිහැඩියාවක් නැවතත් ඇති විය. මෙවරද එය බිද දැමුවේ ගිහාන් නමින් හදුන්වා දුන් ඇමතුමේ අනිත් පැත්තේ රැදී සිටි පුද්ගලයා විසිනි.
“විශ්වාස කරන්න අමාරුයි නේද? කමක් නෑ. එක අතකට ඔයා මාව වෙනම කෙනෙක් කියල හිතුවත් කමක් නෑ. මොකද අතුරුදහන් වෙච්ච ගිහාන්ට වැඩිය දැන් ඉන්න ගිහාන් ඒ කිව්වෙ මම ගොඩක් වෙනස්.”
“ම… මට, මට මේක හිතාගන්නවත් බෑ. ඔයා කොහොමද මං ගැන දන්නෙ. අනික මං ඔයා ගැන හෙව්ව කියල?”
“සන්සුන් වෙන්න මිත්‍රයා. සන්සුන් වෙන්න. කලබල වෙන්න දෙයක් නෑ. අපිට කාලය ඕන තරම් තියෙනවා. ඒ නිසා අපි හිමින් සැරේ, පියවරෙන් පියවර මේ දේවල් කතා කරමු. ඔක්කොම එක පාර කියන්න ගියොත් ඔයාගෙ ඔළුව අවුල්වෙයි. මං දන්න හැමදෙයක්ම මට ඔයාට එකපාර කියන්න පුළුවන්. එහෙම කළොත් සමහර දේවල් ඔයාට තේරුම්ගන්න බැරිවෙන්න පුළුවන්. අනික මේ සම්පූර්ණ සිද්ධියේ මමත් දන්නෙ හරිම ටිකයි. ඒ හින්දා අපි මේ ටික හෙමින් පැහැදිලි කරගමු.”
“මුලින්ම ඔයාගෙ හිතේ ඔය තියෙන සැකය නැති කරන්න ඕනෙ. මං මෙහෙම කියන්නම්. මමත් ඔයා වගේම වරමක් හම්බවෙච්ච කෙනෙක්. ඔයාට කරන්න පුළුවන් වැඩ ටිකම මටත් කරන්න පුළුවන්. ඔයාට, දයාන්ට, කසුන්ට වගේ මටත් ස්පීඩ් එකෙන් යන්න පුළුවන්. ඊටත් වඩා වැඩ ගොඩක් මට කරන්න පුළුවන්. ඒව ගැන පස්සෙ කියන්නම්.”
“මං කොහොමද ඔයාව විශ්වාස කරන්නෙ? අනික මං ගැන කොයි කාලෙ ඉදන්ද දැනන් ඉන්නෙ?”
“දෙව්ගල කන්ද උඩදි ඔයාට කරන්ට් එකක් වගේ එකක් වැදුනේ. අන්න ඒ වෙලාවෙ ඉදන්ම මං ඔයා ගැන දන්නවා.”
“ඉනින් ඇයි එහෙනම් මාව හම්බවෙන්න ආවෙ නැත්තෙ?”
“ඒකට සුදුසු කාලයක් තියෙනව මිත්‍රයා. එතකන් අපි බලන් හිටියා. මොකද මේවා දැනගන්න වගේම තේරුම්ගන්න ඔයා සුදුසු මානසික මට්ටමකට එන්න ඕනෙ. ඒකට ඉතින් ටිකක් කාලය යනවා. දැන් කාලෙ හරි. අනිත් දේ තමයි ඔයාව තෝරගෙන තියෙන්නෙ අනිත් මිනිස්සුන්ට වඩා ඔයාගෙ විශේෂත්වයක් තියෙන නිසා.”
“කවුද මාව තෝරගත්තෙ? මොකක් කරන්නද?”
“හෝව් හෝව් මිත්‍රයා. කලබල වෙන්න එපා. සන්සුන් වෙන්න. ඔහොම මැදින් ප්‍රශ්න අහන්න ගියොත් ඔයාට මේක පැටලිලා තේරුම්ගන්න බැරි වෙයි. මං කිව්වනෙ. අපි මේව හිමින් සැරේ පැහැදිලි කරගමු. හැබැයි දැන් ඔයා තව ප්‍රශ්න දෙකක් ඇහුවනෙ. ඒ හින්ද ඒවට මං මුලින් උත්තර දීල ඉන්නම්.”
“මේක ඒලියන්සලගෙ පරීක්ෂණයක්. ඒ කට්ටිය ගැනයි, එයාලගෙ පරීක්ෂණ ගැනයි පස්සෙ මං දන්න විස්තර ඔක්කොම කියන්නම්. අවුරුදු සිය ගාණක ඉදන් එයාල මේ පරීක්ෂණය කරනවා. ඉතින් මේ කාලෙ පරීක්ෂණයට දාල තියෙන කට්ටියගෙන් දෙවෙනියට සාර්ථකම එක්කෙනා තමයි ඔයා. පළවෙනියා කවුද කියල හිතාගන්න පුළුවන් නේද?”
කිසිවක් නොපැවසූ ආකාශ් කල්පනා කරන්නට විය. පළවෙනියා මොහුද? ඒ ඔහුගේ සිතට නැගුනු සිතිවිල්ලයි.
“මිත්‍රයා. ඔයා හිතපු දේ හරි. දැනට පළවෙනියා මං තමයි. හැබැයි පේන විදියට තව ටික දවසකින් ඔයා මාව පහුකරගෙන යයි වගේ.” ආකාශ්ගෙන් පිළිතුරක් නොලැබුණු නිසා ගිහාන් කීවේය.
එම වදන් ඇසූ ආකාශ්ගේ සිතට තවත් අලුත් විස්මයක් එකතු විය. මොහු තමාගේ සිතෙහි ඇති වූ දෙය නිවැරදිව කීවා නොවේද?
“කොහොමද මං හිතපු දේ දැනගත්තෙ? ඔයාට අනුන්ගෙ හිත් කියවන්නත් පුළුවන්ද?”
“ඔන්න ඔන්න, ආපහු අලුත් ප්‍රශ්නයක් ඇහුවා. හරි කමක් නෑ. ඒකටත් උත්තර දීල ඉන්නම්කො. උත්තරේ ඔව්, ටිකක් දුරට පුළුවන්. හැබැයි මං ඒක කළේ සම්පූර්ණයෙන්ම මගේ මානසික හැකියාවෙන් නම් නෙමෙයි. අපේ තියෙනව පොඩි උපකරණයක්. ඒකෙ උදව්වෙන් තමයි මං දැන් ඕක කළේ. ඒ ටූල් එකෙන් හිත කියවන්න විතරක් නෙමෙයි, හිතට පණිවිඩ දෙන්නත් පුළුවන්. ඇත්තටම අපි දෙන්නට කතා කරන්න මොබයිල් ෆෝන් ඕනෙ නෑ. මං මේ දැන් මේකෙන් කෝල් එකක් ගත්තෙ ඔයාට මුල්ම වතාවට කතා කරන හින්දා. එකපාරටම හිතට කතා කළොත් ඔයා කලබල වෙන්න තිබුණා, ඒකයි. මේ තමයි මං ඔයාට ෆෝන් එකෙන් කතා කරන මුල්ම වගේම අන්තිම වතාව. තව ටික දවසකින් ඔයාටත් අර ටූල් එක පාවිච්චි කරන්න පුළුවන් වෙයි. මේවා ටිකක් බරපතල සංකීර්ණ කාරණා. වෙන වෙලාවක ඒ ගැන කියල දෙන්නම්.”
“හරි…. මේ පරීක්ෂණය ගැන ඔයා දැනට දැනගන්න ඕන ටික මං කියල ඉන්නම්. ඔයා වගේම තව කට්ටිය මේ පරීක්ෂණයට දාල තියෙනවා. දයානුයි. කසුනුයි වගේම ඔයා අර සීසීටීවී වලින් දැක්ක සාප්පුව කඩපු හොරයි, බැංකුව කඩපු හොරයි මතකයිනේ. ඒ දෙන්නත් ටෙස්ටින් වලට දාපු දෙන්නෙක්. හැබැයි ඒ දෙන්නගෙම පවර්ස් දැන් අයින් කරල තියෙන්නෙ. වැරදියට පාවිච්චි කරපු නිසා.”
“මං හිතන් හිටියෙ ඒ හොරකම් දෙකම කළේ එක්කෙනෙක් කියල.”
“නෑ නෑ. දෙන්නෙක්. මීට කලිනුත් ඔය වගේ ලැබිච්ච පවර්ස් වැරදියට පාවිච්චි කරපු අයගෙන් ඒක අයින් කරල තියෙනවා. අද උදේ අපි දයාන්ගෙනුත් පවර්ස් අයින් කළා.”
“අයින් කළා? ඇයි එයා මොකද්ද කළේ?”
“මේ වගේ පවර්ස් වැරදි විදියට පාවිච්චි කළොත් සමාජෙ තියෙන බැලන්ස් එක නැති වෙනවා. ඔයාට ඒක තේරෙනව ඇතිනෙ. දයාන් දැන් කාලෙක ඉදන් එයාට ලැබිච්ච පවර්ස් එයාගෙ පුද්ගලික ඇරියස් කවර් කරන්න පාවිච්චි කරනවා.”
“ටෝනිට ගහපු එකද?” ආකාශ් විමසුවේ දයාන් විසින් සිදුකරන වෙනත් වැඩ ගැන නොදන්නා නිසාය.
“ඒක එකක් විතරයි. ටෝනිත් එක්ක එයාගෙ ලොකු ඇරියස් එකක් තියෙනවා. අවුරුදු ගාණකට කලින් ටෝනි දයාන්ගෙ වයිෆ්ට කරදරයක් කළා. ඒ හින්ද තමයි එයා ටෝනිට යහතින් ඉන්න දෙන්නෙ නැත්තෙ. ඒකත් කමක් නෑ කියමුකො. මොකද ඒක එයාට වෙච්ච අසාධාරණයක්නෙ. හැබැයි දැන් දවස් තුනකට කලින් එයා ටෝනිගෙ වයිෆ් වගේ ඉන්න අශානිව ටෝනි බලාගෙන ඉන්දෙද්දිම රේප් කළා. ඒ දෙන්නගේ ප්‍රශ්න වලට වෙන කෙනෙක්ට දඩුවම් විදින්න වුණා. ඒකයි මං කිව්වෙ වැරදියට පාවිච්චි කළොත් සමාජෙ තියෙන බැලන්ස් එක නැති වෙනව කියල. දැන් අදත් දයාන් ඒකමයි කරන්න හැදුවෙ. මොකද අශානි පෙනුම තියෙන ලස්සන ගෑනු කෙනෙක් හින්ද දයාන්ට අශානි ගැන ආස හිතිලා. ඒ හින්ද එයාල මේකට මැදිහත් වෙලා දයාන්ගෙන් පවර්ස් අයින් කළා.”
“කොහොමත් එයාල දයාන්ව මේ පරීක්ෂණයෙන් අයින් කරන්න තමයි හිටියෙ. කිසිම දියුණුවක් නෑ. අඩුම තරමින් තමන්ට පවර්ස් හම්බවුණේ මොකටද කොහෙන්ද කියලවත් හිතන්න එයාට ඕනකමක් නෑ. කසුන් ගැනත් තව ටිකක් බලල එයාල තීරණයක් ගනි.”
“ඇයි? කසුනුත් දයාන් වගේ අවුල් වැඩ කරනවද?”
“දයාන් තරම් නම් නෑ. හැබැයි කසුන්ගෙත් ප්‍රශ්න ටිකක් තියෙනව. ලොකුම හේතුව තමයි අපි බලාපොරොත්තු වෙන මානසික මට්ටමට එන්න ට්‍රයි කරන්නෙ නැති එක.”
“ඉතින් මෙයාල වැඩේට සුදුසු නැත්තම් ඇයි පවර්ස් දුන්නෙ? දෙන්න කලින් මේකට ගැලපෙනවද කියල චෙක් කරන්න බැරිද?”
“හොද ප්‍රශ්නයක්. ඒක මං විස්තර කරන්නම්. ඊට කලින්… දැන් ඔයාට කසුන්ගෙන් කෝල් එකක් එයි. එයා කියන්න හදන්නෙ දයාන්ගේ පවර්ස් නැති වුණා කියල. ඔයා දැන් ඕක ආන්සර් කරන්න ඕනෙ නෑ.”
ගිහාන් එය පවසා අවසන් වෙනවාත් සමගම ආකාශ්ගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබෙන්නට විය. එහි තිරය දෙස බැලූ ආකාශ් දුටුවේ ඇමතුම කසුන්ගෙන් බවයි. නමුත් ගිහාන්ගෙන් ලැබුණු උපදෙස් අනුව ඔහු එම ඇමතුමට පිළිතුරු දීමට නොගියේය.
“කෝල් එක නැවතුනා නේද? හරි. ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ තමයි එයාල පවර්ස් දෙන්න හදන කෙනාගෙ බොඩි එකයි, ජානයි, හැසිරීමයි චෙක් කරනවා. හැමෝගෙම ඇගවල් වලට මේ පවර්ස් ඔරොත්තු දෙන්නෙ නෑ. මේක නිකං හරියට ඔයාගෙ ස්නායු පද්ධතියටයි, මොළේටයි සොෆ්ට්වෙයාර් එකක් දානව වගේ වැඩක්. ඊළගට ජාන වලිනුයි, හැසිරීමෙනුයි තමයි ඒ කෙනාගෙ හැටි දැනගන්නෙ. ඒ ඇරෙන්න එයාලට මනුස්සයෙක්ගෙ හිතක් අනාගතයෙදි මොන විදියට වැඩ කරයිද කියල කියන්න බෑ. පවර්ස් හම්බවුණාට පස්සෙ සමහර අයගෙ වෙනස්ම ගති ලක්ෂණ මතු වුණා. දයාන්ටත් වුණේ ඒකම තමයි. ඒක ඉතින් මිනිස්සුන්ගෙ හැටි. එයාල කොහොමත් ඒ වගේ දේවල් බලාපොරොත්තුවෙන් තමයි ඉන්නෙ. ඉතින් කවුරු හරි අවුල් විදියට දිගටම වැඩ කරන්න ගියොත් එයාල ඒ කෙනාගෙ පවර්ස් අයින් කරල දානවා.”
“තව දෙයක්. පවර්ස් දීපු හැමෝගෙම හිත් වලට එයාල හැගීමක් දෙනව මේ හැකියාව කාටවත් නොකියන විදියට ඉන්න ඕනෙ කියල. ඔයත් මේ ගැන ගෙදර අයට කියන්න මෙච්චර පරක්කු කළේ ඒකයි.”
එය සැබෑවක් බව ආකාශ්ට අත්දැකීමෙන්ම සිතුණි. තමාගේ විශේෂ හැකියාවන් ගැන වෙනත් අයෙකුට පැවසීම පිළිබදව මේ මොහොතේදී පවා ඔහු තුල ඇත්තේ තදබල පසුගාමී බවකි. ඉන්පසුව ආකාශ් ඇසීමට සිතුවේ කාලයක සිට ඔහුගේ සිතෙහි නලියමින් තිබුණු ප්රශ්නයකි.
“එයාල මේ පවර්ස් දෙන්නෙ පිරිමි අයට විතරයිද? ගෑනු අයට දෙන්නෙ නැද්ද?”
“මං දන්න විදියට තාම නම් දීල නෑ. මොකද එයාල ගෑනු අයට වෙන පරීක්ෂණයක් කරනවා.”
“ඒ මොකද්ද?”
“එයාලට ඕන විදියට ජාන වෙනස් කරපු දරුවෙක් මනුස්ස ගෑනු කෙනෙක්ගෙ ගර්භාෂයේ හදන්න පුළුවන්ද කියන එක.”
“ඒ කිව්වෙ? ඒලියන් කෙනෙක් උපද්දවන්නද?”
“නෑ නෑ. මනුස්සයෙක්ම තමයි. හැබැයි එයාලට ඕන විදියට වෙනස් කරපු කෙනෙක්. එයාල දැන් ඔයාලගෙන් කරන්නෙ ඉන්න මිනිස්සුන්ට පවර්ස් දිල එයාලට ඕන විදියට හදන්න පුළුවන්ද කියල බලන එකනෙ. එහෙම නැතුව කෙලින්ම එයාලට ඕන විදියෙ කෙනෙක් උපද්දවන්න පුළුවන්ද කියල තමයි මේකෙන් බලන්නෙ. ඉතින් ඒකට එයාල පවර්ස් දීපු අයගෙනුත් සමහර විට පොඩි උදව් ගන්නවා.”
“ඒ කිව්වෙ? මොනවද ගත්ත උදව්?”
“ලිංගික සංසර්ගය තමයි ඉතින්. එයාල කරන්නෙ ඒ වගේ දරුවෙක් හදන්න සුදුසු ගර්භාෂ තියෙන ටිකක් පෙනුම තියෙන ගෑනු අයව පවර්ස් දීපු අය ළගට යවන එක. ඒකෙන් එයාලට කළල කිහිපයක්ම ලැබුණා. හැබැයි මං දන්න විදියට තාම ඒ පරීක්ෂණයෙ නම් ඒ හැටි සාර්ථකත්වයක් නෑ.”
“මටත් කළේ එකම තමයි නේද?”
“හරියමට හරි. ඔයාම පොඩ්ඩක් කල්පනා කරල බලන්න. ඔයාට සාමාන්‍යයෙන් ආශ්‍රය කරන්න ලැබිච්ච කෙල්ලන්ගෙ පොදු ලක්ෂණයක් ඔයාට ක්ලික් වුණේ නැද්ද?”
“පොදු ලක්ෂණයක්?”
“ඔව්, මං ප්‍රශ්නෙ තව ටිකක් ලේසි කරන්නම්. නිශායි, ඔයාට තව ක්ලබ් එකේදි හම්බවුණේ මීනා කියල කෙල්ලෙක්ව. අන්න එයයි, නිම්සරායි, ඉමල්කයි. අන්න ඒ කට්ටිය ගැන කල්පනා කරල බලන්නකො.”
ආකාශ් තත්පර කිහිපයක් ඔවුන් ගැන කල්පනා කරන්නට විය. ඔවුන් සියලුදෙනාම මනා පෙනුමැති රූමත් තරුණියන්ය. ඒ හැර වෙනත් පොදු ලක්ෂණයක් ඔහුට කල්පනා නොවිය. චරිත වශයෙන් ගත් කළ ඔවුන් සියලුදෙනා එකිනෙකට වෙනස් චරිත විය.
“මෙහෙමයි. ඒ කට්ටියම ගොඩක් ලස්සනයි. ඒ ඇරෙන්න නම් මට…”
“හරි. ඒක තමයි පොදු ලක්ෂණේ. එයාල ඒ කෙල්ලොන්ගෙ හිත් වලට… හරියටම කිව්වොත් හිත් වලටම නෙමෙයි, ස්නායු පද්ධතිය හරහා හිතට දැනෙන විදියට පොඩි සිග්නල් එකක් යැව්වා ඔයාව දිගටම ආශ්‍රය කරන්න ඕනෙ කියල හිතෙන විදියට. ඔයා හොද කෙනෙක්, තව ඔයා විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් කියන දේවල් එයාලගේ හිත් වලට කැව්වා. ඉතින් දැන් එයාලගෙ හිතේ ඔයා ගැන තියෙන්නෙ හොද පොසිටිව් ෆීලින් එකක්. අනිත් දේ තමයි, ඔයා දන්නෙ නැති වුණාට නිශාගේ හිතෙත් ඔයා ගැන කැමැත්තක් තියෙනවා. ඒත් එයා ටිකක් තැන්පත් චරිතයක් නිසා ඒක එළියට පෙන්නන්නෙ නෑ. පොඩ්ඩක් මතක් කරල බලන්න ඔයා ලෝචනා ගැන නිශාට කියපු මුල්ම දවසේ මොකද්ද වුණේ කියල.”
ආකාශ්ගේ මතකය අතීතයට දිව යන්නට විය. එදා තමන් නිශා සමග එකට දහවල් ආහාරය ගත් දිනයකි. තමා එදින ලෝචනා ගැන පැවසූ විට ඇයගේ සිනහව අතුරුදහන් වී එක්වරම බිම බලාගත් බව ඔහුට සිහි විය. එසේම එදින ඇය හිසරදයක් යැයි පවසා වේලාසනින් රැකියාවෙන් නික්ම ගිය බවද ඔහුට මෙනෙහි විය.
“ඇයි ඉතින් ඔයාල එහෙම කළේ?”
“එයාල ඔයාව ටෙස්ට් කළා. ශාරීරිකවයි මානසිකවයි දෙවිදියටම ටෙස්ට් කළා. ඒ කෙල්ලෙක් එක්ක ඔයා කතා කරනකොට, ඒ කෙනෙක් ඔයාව අල්ලනකොට, ඔයත් එක්ක සෙක්ස් කරන්න ඕනෙ කියල කියනකොට… මේ හැම වෙලාවෙම එයාල ඔයාගේ හැගීම්, හැසිරීම, හෝමොන, ස්නායු, ඇග වැඩකරන විදිය… මේ ඔක්කොම එයාල චෙක් කළා.”
“දැන් නම් එයාල තීරණයකට ඇවිල්ල තියෙන්නෙ ඔයාව මොන විදියටද ඩිවලොප් කරන්න ඕනෙ කියල. හැබැයි කලින් එයාලට වෙන අරමුණකුත් තිබුණා. එයාලට ඕනකමක් තිබුණා ඔයාගෙ ෆෝමැට් එක… ම්… එහෙම කිව්වොත් ඔයාට තේරෙන එකක් නෑ. ෆෝමැට් එක නෙමෙයි, දැනට ඔයා ජාන කියල හිතාගන්නකො. ඔයාගෙ ජාන පාවිච්චි කරල එයාලට ඕන විදියට පොඩි වෙනස්කම් ටිකකුත් කරල අලුත් ජීවියෙක්, වෙන විදියට කියනව නම් ඔයාගෙම දරුවෙක් හදන්න. මං අර කලින් කිව්ව වගේ.”
“ඔයා දන්නෙවත් නැතුව ඔයාගෙ ශුක්‍රාණු අරගෙන ඕක කරන්න තිබුණා. ඒත් එයාලට ඕන වුණා එයාල කරන වෙනස්කම් එක්ක හැම පියවරක්ම ස්වභාවිකව වෙන විදිය චෙක් කරන්න.”
“අපි මුලින්ම ට්‍රයි කළේ මීනා පාවිච්චි කරල වැඩේ කරන්න. හැබැයි ඒක හරි ගියෙ නැති නිසා තමයි ඉමල්කවයි නිම්සරාවයි ඔයා ළගට එව්වෙ.”
ආකාශ්ගේ මුළු සිරුරම සීතල වී ගියේය. තව දුරටත් තමාගේ ජීවිතයේ පාලනය තමා සතු නොවන බවක් ඔහුට හැගුණි. නමුත් දැන් ඒ පිළිබදව සිතීමෙන් ඵලක් නැත. තමා සිටින තත්වය හැකිතාක් තේරුම් ගැනීමට උත්සහ කළ යුතු බව ඔහුට සිතුණි.
“මොකටද මගේ ජාන වලින් දරුවෙක් හදන්නෙ? අනික ඇයි මේකට මාව තෝර ගත්තෙ?”
“ම්… ඒක වෙනම පැහැදිලි කරන්න වෙනවා. මං ඒ ඔක්කොම කියන්නම්. හැබැයි දැන් නම් මට මේ ෆෝන් එකෙන් කතා කෙරුව ඇති වගේ. මොකද කියන්නෙ මිත්‍රයා. මං දැන් ඔයා ඉන්න තැනට එන්නද? අපි හම්බවෙලාම කතා කළොත් හොදයි වගේ.”
“මං දැන් ඉන්නෙ කොළඹ පොලිස් ක්වාටස් එකේ මගේ රූම් එකේ. වෙන කාටවත් පේන්නෙ නැති වෙන්න ඔයාට මෙතනට එන්න පුළුවන්ද?”
“මට ඕන වෙලාවක ඕන තැනකට යන්න පුළුවන්. මං ඔයා වගේ ස්පීඩ් දුවල නෙමෙයි එන්නෙ. වෙන විදියකට. ආවට පස්සෙ බලාගන්නකො.”
“හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනව. මේ රූම්ස් හරි පොඩියි. අපි කතා කරන දේවල් අනිත් පැත්තෙ ඉන්න කෙනාට ඇහෙන්න පුළුවන්.” ආකාශ් පැවසුවේ තමාට යාබද කුටියේ සිටින පුද්ගලයාද දුරකතන සංවාදයක යෙදෙනු ඔහුට මේ මොහොතෙහි ඇසුණු නිසාය.
“ඒ ගැන බයවෙන්න එපා. මට ඇවිල්ලා ඔයාගෙ රූම් එකෙන් සද්දෙ එළියට යන එක නවත්තන්න පුළුවන්. වෙන කවුරුවත් රූම් එක ඇතුලට එන එකත් නවත්තන්නම්. ඒ කිව්වෙ බලෙන් නෙමෙයි. අනිත් අයට ඔයා ගැන තියෙන අවධානය ටික වෙලාවකට නැති කරල දානව. එතකොට කාටවත් ඔයාගේ රූම් එක පැත්තට එන්න උවමනාවක් නැතිවෙනවා. හරි නේද? එහෙනම් මං දැන් එන්නද?”
“හරි. එන්න.”
ඇමතුම විසන්ධි විය. තත්පර තුනක් ගත වීමටත් පෙර තමා පිටුපසින් නැගුණු කට හඩ හේතුවෙන් ආකාශ් තිගැස්සී නැගී සිටියේය.
“ඔන්න මං ආවා. දැන් අහන්න එපා මං කොහොමද එකපාරටම මෙතනින් මතු වුණේ කියල. ඒක ටිකක් සංකීර්ණ දෙයක්. දැන් විස්තර කරන්න ගියොත් කියන්න ඕනම දේවල් ටික මගහැරෙනවා. ඒ හින්දා ඒක ගැන පස්සෙ කියල දෙන්නම්. ඉතින් මිත්‍රයා… මං ඔයාගෙ ඇදෙන් ඉදගත්තට කමක් නෑ නේද?”
ගිහාන් ඇසූ පැනයට එක්වරම පිළිතුරු දීමට නොහැකි තරමට ආකාශ් මවිතයට පත්ව සිටියේය. තමා ඉදිරියේ සිටගෙන සිටින්නේ ඉන්ද්‍රජාලිකයෙකු යැයි ආකාශ්ට හැගුණි. කළු පැහැති කලිසමක් සහ තද නිල් පැහැති කමිසයකින් සැරසී සිටි ගිහාන්ගේ මුහුණ අතිශයින්ම ප්‍රභාශ්වර විය. මීට පෙර ආකාශ් මෙවැනි ප්‍රභාශ්වර මුහුණක් දැක ඇත්තේ ජීවිතයේ එකම එක වතාවකදී පමණි. ඒ අනුරාධපුරයේ වනගත ආරණ්‍යය සේනාසනයක භාවනායෝගීව දිවිගෙවන ස්වාමීන් වහන්සේ නමකගේ මුහුණයි. සාමාන්‍යය මනුෂ්‍යයත්වය ඉක්මවා ගිය සළකුණු ගිහාගේ මුහුණින් ආකාශ්ට පැහැදිලිවම පෙනුනි. කෙසේ නමුත් තත්පර කිහිපයකට පසුව ගොතගසමින් වචනා ගලපා ගැනීමට ආකාශ් සමත් විය.
“ආ… ඔ… ඔව්. ප්‍රශ්නයක් නෑ. ඉදගන්න.”
“මේක ඇතුලෙ ටිකක් රස්නෙයි නේද? ඉන්න, මං කූල් කරල ගන්නම්.” පැවසූ ගිහාන් ඇද මත අසුන්ගෙන තත්පර තුනක් පමණ සිය දෙනෙත පියාගෙන සිටියේය. එක්වරම කුටිය වායු සමීකරණය කළාක් මෙන් සිසිල් විය. සැබවින්ම එය වායු සමීකරණය කළාටත් වඩා සිරුරට ඉතාමත් සනීපදායක විය.
“මං කාමරේ ඇතුලෙ තියෙන වායු අණු වල පොඩි වෙනසක් කළා. මේ දේවල් කරන්නෙ කොහොමද කියල පස්සෙ කියල දෙන්නම්. දැන් අපි කතාව නවත්තපු තැනට එමු. අපි කතා කර කර හිටියෙ ඔයාගෙ ජාන වලින් හදන ළමයෙක් ගැනයි, ඔයාගෙ පස්සෙන් ආපු කෙල්ලො ගැනයිනෙ.”
“මුලින්ම මේ පරීක්ෂණයට ඔයාව තෝරගන්න හේතුව මං කියන්නම්. ඔයාට අධ්‍යාත්මිකව දියුණුවෙන්න පුළුවන් විදියෙ මනසක් තියෙනව. ඒ අවශ්‍යතාවයත් ඔයාට තියෙනවා. මං කියන දේ ගැන තේරෙනව ඇති නේද?”
තමා එවැනි පුද්ගලයෙකු දැයි ආකාශ් කල්පනා කරන්නට විය. ඔහු බුද්ධ ධර්මයට සහ සංඝරත්නයට බෙහෙවින් ගරු කළේය. එසේම තම දෙමව්පියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ලද ආභාෂයට අනුව පන්සිල් පද පහද හැකි තරමින් ආරක්ෂා කිරීමට ඔහු උත්සහ ගත්තේය. නමුත් ආධ්‍යාත්මික යන වචනයත් සමග ඔහුගේ සිතට පැමිණි අදහස භාවනාවයි. ළමා වියේ දහම් පාසලේදී භාවනා කළාට පසු මෑතකදී තමන් භාවනා කළ බවක් ඔහුට මතකයේ නොවිය.
“මෙහෙමයි. ඔයා දැන් භාවනා කරන්නෙ නැති වුණාට ඒ ලක්ෂණ ඔයාට උපතින්ම පිහිටල තියෙනවා. එයාලගෙ පරීක්ෂණ වලට ඕන නිසා එයාල මං ලව්වා මේ කරවන්න හදන්නෙ ඔයාට ආධ්‍යාත්මිකව දියුණුවෙන්න පොඩි උදව්වක් දෙන එක.”
ගිහාන් මේ කතා කරන්නෙ තමාගේ සිතිවිලි කියවීමෙන් බව ආකාශ් වටහා ගත්තේය. ආකාශ් නිහඩව සිටි නිසා ගිහාන් නැවතත් කතා කිරීම ඇරඹුවේය.
“ඔයාට අධ්‍යාත්මික හැකියාව ආවෙ මෙහෙමයි. මතකද ඔයා පොඩි කාලේ ගෙදර අයත් එක්ක පන්සල් ගිය දවසක තාත්තා කිව්වා ඔයාගෙ මුත්ත කෙනෙක් පැවිදි වුණා කියල. පරම්පරා තුනකට කලින්. ඒ කිව්වෙ ඔයාගෙ සීයාගේ තාත්තා.”
ආකාශ්ගේ මතකය නැවතත් අතීතයට දිව ගියේය. තම පියා තමන්ට එවැන්නක් පැවසූ බව ඔහුට යන්තමින් මතකයේ තිබුණි.
“ඔව්. එහෙම දෙයක් කිව්ව කියල මට යන්තම් වගේ මතකයි.”
“අන්න ඒ මුත්තගෙ ජාන තමයි ඔයාට ඇවිල්ල තියෙන්නෙ. මං මේ කියන්න හදන දේ ඔයාගෙ තාත්තා දන්නෙත් නෑ. ඔයාගෙ මුත්තගෙ පැවිදි නම තමයි නාගසිංහ. අපිට දැනට තියෙන තොරතුරු වල හැටියට උන්වහන්සේ ධ්‍යාන සමාපත්ති වඩපු කෙනෙක්. ඒ ගැන ඔයාගෙ සීයා දැනගෙන ඉදල තියෙනව. හැබැයි ඉතින් ඒ වගේ දේවල් හැමතැනම කියන්න යන්නෙ නැති නිසා ඒ විස්තරේ සීයා ඔයාගෙ තාත්තට කියල නෑ. කොහොම වුණත් ඒ ජාන ඊළග පරම්පරා දෙකේදිම ඉස්මතු වුණේ නෑ. ඒ කිව්වෙ ඔයාගේ සීයයි, තාත්තයි දෙන්නම සාමාන්‍යය පවුල් ජීවිත ගත කරන අය. හැබැයි ඒ ජාන පරම්පරා තුනකට පස්සෙ ඒ කිව්වෙ ඔයාගෙන් ඉස්මතු වෙලා තියෙනවා. ඒකයි එයාල තීරණය කළේ මං ලවා මේ විස්තර ඔයාට කියල ඔයාට අධ්‍යාත්මික පැත්තෙන් දියුණු වෙන්න උදව් කරන්න.”
ආකාශ් කල්පනා කරන්නට විය. එම පැහැදිලි කිරිම ඔහුට පැටලිලි සහගත විය.
“ඉතින් මාව ආධ්‍යාත්මිකව දියුණු කරන්න ඕනෙ නම් ඇයි සෙක්ස් කරන්න ගෑනුන්ව මගේ පස්සෙන් එව්වෙ?”
“මෙහෙමයි. මුත්තගෙ ජාන තියෙන නිසා ඔයාව ආධ්‍යාත්මික පැත්තෙන් දියුණු කරන්න ඕනෙ කියල මුල ඉදන්ම එයාල හිතාගෙන හිටියට මේ තරම් ඉක්මණට ඒක පටන් ගන්න හිතුවෙ නෑ. එයාල හැදුවෙ ඔයාගෙන් ළමයෙක් හදාගෙන ඊට පස්සේ මේ පැත්තට තල්ලු කරන්න. ඒත් එයාල හිතුවටත් වඩා ඔයාගෙ මනස ප්‍රභාෂ්වරයි. හොදට සිහිය පිහිටනවා. එහෙම නැත්නම් නිම්සරා වගේ ලස්සන කෙල්ලෙක් අච්චර ඔයාව පොළඹවද්දිත් ඔයාට එකම ස්ථාවරයෙන් ඉන්න බෑ. නිම්සරාට තියෙන්නෙම පිරිමින්ව පොළඹවන පෙනුමක්. එයා කතා කරද්දි මානසික රෝගයක් තියෙන මනුස්සයෙක්ට හැර සාමන්‍යය පිරිමි කෙනෙක්ට නම් හිත පාලනය කරගන්නම බෑ. මං වුණත් ඔයාගෙ මට්ටමේ හිටිය නම් මමත් එයා එක්ක සෙක්ස් කරන්න යන්න තිබුණා. හැබැයි ඔයාට ඒ වෙලාවෙත් සිහියෙන් ඉන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි. ඒක මොකක් හරි අසාමාන්‍යය දෙයක් කියලත් ඔයාට තේරුණා. මං හරි නේද?”
ආකාශ් තම හිස ඉහළ පහළ යැව්වේ එය නිවැරදි බවට හගවමිනි.
“එයාලව මං ගාවට එවන්න ඔයාල මොකද්ද කළේ? දැන් ආපහු නිම්සරා මට කරදර කරන එකක් නෑ නේද? මොකද දිගටම මෙහෙම වුණොත් මගෙයි ලෝචනාගෙයි එෆෙයාර් එකට ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා.”
“ඔයාගෙයි ලෝචනාගෙයි එෆෙයාර් එක ගැනත් අනිවාර්යෙන් කතා කරන්න ඕනෙ. එතනට මං එන්නම්. දැන් ඔයා අහපු පළවෙනි ප්‍රශ්නෙ මොකද්ද කළේ කියන එකනෙ. එයාල දෙපැත්තෙන්ම පොඩි වෙනස්කම් ටිකක් කළා. ඒ කිව්වෙ ඔයාගෙයි ඒ ගෑනු ළමයින්ගෙයි. ඔයාගෙ පැත්තෙන් ගත්තොත්, එයාල ඔයාගේ කටහඩේ තීව්‍රතාවය ගෑනුන්ගෙ හැගීම් ඇවිස්සෙන විදියට වෙනස් කළා. ඊට පස්සෙ ඔයාගෙ ඇගේ ෆෙරමොන් වල සංයුතිය ටිකක් වෙනස් කළා. එතකොට ගෑනු අය ඔයාගෙන් එන දාඩිය සුවදටත් ආසයි. තව ඔයාගෙ කටේ කෙල වල සුවදත් වෙනස් කළා. ඔයා දන්නෙ නැති වුණාට දැන් ඔයාගෙ කෙල වලින් එන්නෙ වෙනස් සුවදක්. නිම්සරා ඔයාව ඉඹින එක නවත්තගන්න එච්චර අමාරු වුණේ ඒකයි.”
“ගෑනු අයගෙ පැත්තෙන් ගත්තොත් මං අර කලින් කියපු ස්නායු පද්ධතියට කරපු වෙනස්කම ඇරුනහම එයාලගෙ හෝමෝන වැඩ කරන විදියෙ පොඩි වෙනස්කම් ටිකක් කළා. ඔයාව හම්බවෙන, ඔයත් එක්ක කතා කරන හැමවෙලාවකම ඒ හෝමෝන වෙනස්කම් ටික වැඩ කෙරෙව්වා. කිහිප සැරයක් කළාට පස්සෙ එයාලගෙ ඇගවල් ඒකට හුරුවෙලා අපේ බලපෑමක් නැතුව නිකන්ම ඒ විදියට වැඩ කරන්න ගත්තා.”
“ඒ විදියට තමයි නිශාට ඔයා ගැන කැමැත්තක් ඇති වුණේ. ඉතින් නිශා ගැන කියනව නම් එයා හරි තැන්පත් චරිතයක්නෙ. ඒලියන්ස්ල එයාගෙ මනසට බලපෑමක් කළොත් හැරෙන්න එයා කවදාවත් ඔයාට කැමතියි කියන එක කියන එකක් නෑ. මොකද ඔයාට ලෝචනා එක්ක එෆෙයාර් එකක් තියෙනව කියල එයා දන්නවනෙ, ඒකයි.”
“අනිත් දේ තමයි… මේක කියන්නම ඕනෙ. එයාල මේ කිසිම දේකට ලෝචනාව සම්බන්ධ කර ගත්තෙ නෑ. ඔයාලගෙ එෆෙයාර් එකටත් එයාල කිසිම බලපෑමක් කළේ නෑ. ඔය දෙන්න අතරෙ වෙච්ච හැමදෙයක්ම වගේ ස්වභාවිකව වෙච්ච දේවල්. එක දෙයක් හැර. එයාල ඔයාට ශාරීරිකව කරපු වෙනස්කම් ලෝචනාට වැඩිපුර දැනෙන්න ඇති. එයා ඔයාව ළගින් ආශ්‍රය කරන නිසා. දැන් සතියකට විතර කලින් රූම් යන්න කතා කරල ඔයා බෑ කිව්වට පස්සෙ ලොකු රණ්ඩුවක් ඇද්ද නේද? බේරෙන්න බැරි නිසා රූම් එකට ගියාට පස්සෙ එයා කොච්චර ඇක්ටිව් වුණාද කියල ඔයාට මතක ඇතිනෙ.” ගිහාන් අවසන් වදන් කිහිපය පැවසුවේ සිනාසෙමිනි.
ඒ අවසන් වචන කිහිපය ආකාශ්ගේ සිතෙහි ඇති කළේ අපහසුතාවයකි. පෞද්ගලිකත්වය යනු තවදුරටත් තමාට අයිති දෙයක් නොවන බව ඔහුට හැගුණි. නමුත් දැන් ඒ පිළිබදව සිතීමෙන් ඵලක් නැත.
“අනිත් අයගෙන් වෙන ප්‍රශ්න ගැන කියනව නම් මෙහෙමයි. ඉමල්කා ළග තියෙන වීඩියෝ එක ඔයාට කෝල් කරන්න කලින් මං සම්පූර්ණයෙන්ම මකල දැම්මා. ගූගල් එකේවත් දැන් නෑ. ඒ හින්දා එයාගෙ ප්‍රශ්නෙ මෙතනින් ඉවර වෙයි.”
“හැබැයි නිම්සරාගෙ කතන්දරේ ඊට වඩා වෙනස්. එයා ඔයාට ඇත්තටම කැමතියි. ඒක වුණේ මෙහෙමයි. නිම්සරා කියන්නෙ ලෝචනාගෙම නංගිනෙ. ඉතින් ඒ දෙන්නගෙ ජාන වල පොඩි සමානකමක් තියෙනවා. චරිත දෙක එහෙම්පිටින්ම දෙවිදියක් වුණාට එයාලගේ තේරීම් ටිකක් විතර සමානයි. ඒ කිව්වෙ එයාල අදින ඇදුම් ටිකක් සමානයි. පාවිච්චි කරන කාර් දෙකත් එක වගේ. ඉතින් ලව් කරන්න ගියාමත් ඒකම තමයි වෙලා තියෙන්නෙ. දෙන්නගෙම කැමැත්ත තිබිල තියෙන්නෙ ඔයා වගේ කෙනෙක්ට.”
“ඒ කියන්නෙ නිම්සරා මගේ පස්සෙන් ආවෙ ඒලියන්සල එයාගෙ හිත වෙනස් කරපු හින්ද නෙමෙයිද?”
“මෙහෙමයි. එයා අද ඔයාව හම්බවෙන්න කැම්පස් එකට ආවෙ නම් ඒලියන්ස්ල එයාව එහෙම කරන්න යොමු කරපු හින්ද. එයා කොහොමත් ටිකක් සෙක්ස් පැත්තට බර වැඩියි. එයාල කළේ නිම්සරාගෙ සෙක්ස් ෆීලිංස් තව ටිකක් වැඩි කරපු එක විතරයි. එයා කොහොමත් ඔයාට කැමැත්තෙන් හිටපු හින්දයි ඔයා ළගට ඇවිල්ලා ඔයාව රූම් එකකට එක්කන් යන්න හැදුවෙ. දැන් එයත් ලෝචනා වගේම ඔයාට ආදරේ කරන්න පටන් අරගෙන. ඒක නම් ඒලියන්සල හින්ද වෙච්ච දෙයක් නෙමෙයි. නිම්සරාගේ හිතේ නිකම්ම ඇති වෙච්ච දෙයක්.”
“ඊළගට මීනා. එයාගෙ ඇත්ත නම හිරුනි චමත්කා. එයා ගණිකාවක් වුණාට හොද අවංක කෙල්ලෙක්. එයා තවම ඔයාට ආදරේ කරන්න නම් පටන් ගත්තෙ නෑ. හැබැයි ඒලියන්ස්ල කරපු වෙනස්කම් ටික නිසා ඔයා ගැන එයාගෙ හිතේ කැමැත්තක් නම් තියෙනවා. අනිත් දේ තමයි, එයා ඔයා කවුද කියල දන්නෙ නැති වුණාට ඔයා පවර්ස් තියෙන විශේෂ කෙනෙක් කියල දැනගත්තා.”
“මං ගැන දැනගත්තා. ඒ කොහොමද?”
“සීසීටීවී රෙකෝඩින් එකකින්. ටෝනිගෙනුත් එයා විස්තර වගයක් දැනගෙන තියෙනව. හැබැයි අවුලක් කරගන්න එපා. එයා මේ ගැන කාටවත් කියල නෑ. කිව්වත් කමක් නෑ. මොකද ඔයාගෙ විස්තර එයා මුකුත්ම දන්නෙ නැති නිසා. හැබැයි වැරදිලාවත් මීනාව මූණට මූණ හම්බවුණොත් පුළුවන් ඉක්මණට එයාව මගහැර ගන්න. මොකද එයාට ඔයාගෙ මූණ හොදට මතකයි.”
“අපි හිතුව අද ඔයා කවුරු හරි කෙල්ලෙක්ට සෙක්ස් කරයි කියල. ඒත් ඒ හැමවෙලාවකම ඔයා හිත පාලනය කරගත්තා. ඒකයි එයාල ඔයාව අධ්‍යාත්මික පැත්තට තල්ලු කරන්න තීරණය කළේ. එයාල මේ වගේ දේවල් අනිත් අයටත් දීල බැලුවා. දයානුයි කසුනුයි ඉන්නෙ. එයාලටත් දුන්නා. හැබැයි ඒ කිසිම කෙනෙක්ට හිත පාලනය කරගන්න නම් බැරි වුණා. අඩුම ගානෙ හිත පාලනය කරගන්න උත්සහ කළේ වත් නෑ. ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා. ඔයාට විතරයි ඒක කරන්න පුළුවන් වුණේ. හරියටම කිව්වොත් ඔයා තමයි මේක කරපු පළවෙනියා.”
“මේ ළමයෙක්ව හදන වැඩේට ඇයි ඔයාල ලෝචනාව පාවිච්චි කළේ නැත්තෙ? මං එයත් එක්ක කොහොමත් රූම්ස් යනවනෙ.”
“ඒකට ලෝචනාගෙ ඇග ඔරොත්තු දෙන්නෙ නෑ.”
“ඒ කිව්වෙ? මට තේරුණෙ නෑ.”
“මිත්‍රයා, එයාල හදන්න ට්‍රයි කරන්නෙ සාමාන්‍යය ළමයෙක් නෙමෙයි. විශේෂ ළමයෙක්. ඉතින් ඒකට කළලය ගර්භාෂයෙ තියන් ඉන්න ගෑනු කෙනාගෙ ඇගෙත් තියෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ සුදුසුකම් ටික ලෝචනාගෙ ඇගේ නෑ. හැබැයි අනිත් තුන්දෙනාගෙ ඇගවල් ඒ වැඩේට හරි.”
ඉන්පසුව ඇති වූයේ මද නිහැඩියාවකි. නැවතත් ගිහාන් කතා කරන්නට විය.
“එයාල මේ හැමදෙයක්ම කරන්නෙ මිනිස් සිත ටෙස්ට් කරන්න. අතට අහුවෙන භෞතික ගොඩක් දේවල් එයාලට ඕන විදියට පාලනය කරන්න පුළුවන් වුණාට මනුස්ස හිත නම් සෑහෙන්න සංකීර්ණයි. ඒක වැඩ කරන විදිය එයාලගෙ ටූල්ස් වලින් අල්ලගන්න බෑ.”
“එහෙනම් කොහොමද ඔයා මගේ හිත කියෙව්වෙ? දැන් මං හිතපු ඔක්කොම ඔයා හරියටම කිව්වනෙ.”
“මෙහෙමයි මිත්‍රයා. ඇත්තටම මං ඒ කරන්නෙ හිත කියවීමක් නෙමෙයි. ඔයාගෙ ස්නායුයි, මොළේ නියුරෝනයි වැඩ කරන විදිය බලල හිතේ ඒ මොහොතෙ ඇති වෙන්න පුළුවන් සිතිවිලි උපකල්පනය කරන එක. මේ දවස් වල අයිටී ෆීල්ඩ් එකේ ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන ඩේටා ඇනලයිසින් ගැන අහල ඇතිනෙ. සිස්ටම් එකකට දත්ත ගොඩක් දීල ලැබෙන්න පුළුවන් හොදම සම්භාවිතාවයක් තියෙන රිසාල්ට් එක උපකල්පනය කරන එක. ඒ වගේ තමයි. මේකෙ මූලධර්මය ටිකක් විතර එකට සමානයි. හැබැයි ඊට වඩා සෑහෙන්න සංකීර්ණයි.”
“ඔය ටූල් එක කොහෙද තියෙන්නෙ? මොකක් හරි චිප් එකක් වගේ එකක් ඔයාගෙ මොළේ හයි කරලද තියෙන්නෙ?”
“අයියෝ නෑ නෑ මිත්‍රයා. මිනිස්සුන්ගෙ තාක්ෂණය මෙයාලගෙ තාක්ෂණයත් එක්ක ගලපන්න හදන්න එපා. මෙයාලගෙ තාක්ෂණය දැන් අවුරුදු මිලියන ගාණක ඉදන් පරිණාමය වෙවී එන එකක්. මිනිස්සුත් එක්ක සංසන්දනය කරන්න ගියොත් ඔයාට හිතාගන්නවත් බැරි තැනක තමයි මෙයාලගෙ තාක්ෂණේ තියෙන්නෙ. කාඩශේව් ස්කේල් එක ගැන ඔයා දන්නවනෙ. ඒකත් හැබැයි හරියටම හරි එකක් නෙමෙයි. කාඩශේව් ඒකෙත් ගොඩක් සීමා තියෙනවා. හැබැයි ඉතින් ඒ ස්කේල් එකේ විදියට උත්තරයක් දෙනව නම් මෙයාල දැන් ඉන්නෙ හතරවෙනි මට්ටමෙ. භෞතික පැත්තෙන් දියුණු වෙන්න පුළුවන් උපරිම මට්ටමකට ගිහිල්ල ඉවරයි. එතනින් එහාට පැනගන්න තමයි දැන් මේ මනුස්ස හිත වැඩකරන විදිය හොයන්න අතගහල තියෙන්නෙ.”
“අන්තිම ටික මට හරියටම තේරුණෙ නෑ. මොකටද මිනිස්සුන්ගෙ හිත වැඩ කරන විදිය හොයන්නෙ? ඔයා කියපු විදියට ඔය ඒලියන්ස්ලගේ මනස අපිට වැඩිය ගොඩක් දියුණුයිනෙ. ඉතින් එයාලට එයාලගෙම මනස වැඩකරන විදිය චෙක් කරල ඔය පරීක්ෂණේ කරන්න බැරිද?”
“මිත්‍රයා…, ඔයා කොහොමද කියන්නෙ මිනිස් මනසට වැඩිය ඒලියන්ස්ලගෙ මනස දියුණුයි කියල? ම්… කොහොමද කියන්නෙ? අනිත් එක ඔයා දන්නවද මිනිස් මනසෙන් මොන තරම් පොඩි ප්‍රමාණයක්ද ඔයා පාවිච්චි කරන්නෙ කියල?”
එම පැනයට ආකාශ්ට පිළිතුරක් නොවිය. ඔහුගේ නිහඩතාවය හමුවේ ගිහාන් නැවතත් කතා කිරීම ඇරඹුවේය.
“තාක්ෂණය පැත්තෙන් මෙයාල දියුණුයි. ඒක හරි. මොකද අවුරුදු මිලියන ගාණක් තිස්සෙ පරිණාමය වෙලානෙ ඇවිල්ල ඉන්නෙ. හැබැයි ඒ අවුරුදු ගාණම මිනිස්සුන්ට පරිණාමය වෙන්න පුළුවන් වුණොත් මිනිස්සු මේ ඒලියන්ස්ලටවත් හිතාගන්න බැරි තරම් දුරට දියුණු වෙනවා. මේ මිනිස් මනස ඒ තරම් පුදුමයි. ඇත්තටම ඒක පැහැදිලි කරන්න මෙයාලගෙ තාක්ෂණයෙන් නම් තවම බෑ.”
“මිත්‍රයා, ඔයා අහල තියෙන දේවල් වලින් මං මේක තව ටිකක් පැහැදිලි කරන්නම්. ඔයා අහල ඇතිනෙ බුදුවරයෙක් පහල වෙන්නෙ මනුස්ස ලෝකෙ විතරයි කියල. මේ විශ්වයේ මනුස්ස ලෝක තව අනන්ත ගාණක් ඇති. ඒ ලෝක වලත් බුදුවරු පහළ වෙන්න පුළුවන් ඇති. හැබැයි ඒවත් මනුස්ස ලෝක. හැබැයි මෙයාල මනුස්ස නෙමෙයි. මේ ඒලියන්ස්ල වෙනස්ම ජීව කොට්ඨාශයක්. තාක්ෂණය පැත්තෙන් සෑහෙන්න දියුණුයි. ආයුෂත් මනුස්ස අවුරුදු දහස් ගාණක්. හැබැයි මෙයාලගෙ මනස වැඩ කරන විදිය මිනිස් හිතට වැඩිය වෙනස්. ඒ නිසා එයාල දන්න විදියට එයාලගෙ ලෝකෙ බුදුවරු පහල වෙලා නෑ. ඉතින් බුද්ධ ධර්මය තේරුම් ගන්නත් එයාලට ලොකු ඕනකමක් තියෙනව. හැබැයි ඒක නම් එයාලට ටිකක් අමාරුයි. මොකද චින්තනය මිනිස්සුන්ට වැඩිය ගොඩක් වෙනස්නෙ.”
“අනිත් දේ තමයි අධ්‍යාත්මික පැත්තෙන් දියුණු වෙන මනුස්සයෙක්ට මිනිස් මනස ඕනම තලයක් වෙනකන් දියුණු කරන්න පුළුවන්. අපි තේරුම් ගත්ත විදියට ඒකෙ අග්‍ර ඵලය තමයි බුද්ධත්වය කියන්නෙ. එතනින් මෙහා ගත්තොත් කෙනෙක්ට දිව්‍ය ලෝක වල හිත පිහිටුවන්න පුළුවන්. බ්‍රහ්ම ලෝක වල හිත පිහිටුවන්න පුළුවන්. ඔයා අහල ඇතිනෙ ධ්‍යාන සමාපත්තින් ගැන. රූපාවචර කියනවා, අරූපාවචර කියනවා. ඒව තමයි ඉතින්. ගෝතම හාමුදුරුවොත් පිට ලෝක වල අයත් එක්ක කතා කරල තියෙන්නෙ ඒ වගේ ධ්‍යානයකින් උපදවගත්ත හැකියාවකින් වෙන්න ඕනෙ.”
“ආ… ඒ කිව්වෙ ගෝතම හාමුදුරුවො කතා කරල තියෙන්නෙත් මේ එලියන්ස්ල එක්කද?”
පිළිතුරක් දීමට පෙර ගිහාන් ආකාශ් දෙස බල මද සිනහවක් පෑවේය.
“මිත්‍රයා, ඔයා හිතන්නෙ ගෝතම හාමුදුරුවො කතා කරල තියෙන්නෙ එක කට්ටයක් එක්ක විතරයි කියලද? උන්වහන්සෙ පිට ලෝක සිය ගාණක් එක්ක සම්බන්ධකම් පවත්වල තියෙනව. මෙයාල එක කට්ටියක් විතරයි. විමුක්ති හාමදුරුවො ඔයාට කියවන්න දුන්න විස්තරේ තිබුණේ මේ ඒලියන්ස්ල ගැන නෙමෙයි. ඒ වෙන කට්ටියක්. එයාල නම් ළගදි මේ ලෝකෙට ආවෙ නෑ.”
“මට තව එක ප්‍රශ්නයක් තියෙනව අහන්න? අවුලක් නැද්ද?”